Tuesday, June 6, 2017

ඉකිබිඳුම



පාළු කතරේ සළු ඉරා
නුඹ ඇවිත් ළඟ නැවතුනා
කුරිරු දිවියේ මංමුලා
නොවී අරුනළු කැන්දුවා

සිහිනයක මා දැවටිලා 
නුඹත් සමඟින් එක්විලා 
දුරක් යන්නට මම සදා 
සිහින දැක්කා වෙහෙසිලා 

කුමර ඇයි මේ ලෙස දමා
යන්න ගියෙ මා රවටලා 
පව් පිරෙයි නුඹ හට සදා 
සෙනෙහසට මගෙ කළ නිගා

*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*

2 comments:

  1. වචන සරලයි. අදහස පැහැදිලියි. නියම සාහිත්‍ය නිර්මාණයකට යෝග්‍ය නොවන ඇතැම් වචන හා උපමා දැකිය හැකිය. හදිසියේ කළ නිරිමාණයක් සේ පෙනේ. ‘කතරක සළු ඉරා‘ සිහිනයක දැවටිලා සිහින දැක්කා‘ වැනි යෙදුම් නිරිමාණයේ ප්‍රශස්ත බව දුරලයි.

    ReplyDelete

ඝන අඳුර රෑ ගලා එයි  ලොවම පාළුවෙ ගිලී යයි   ලොවේ දොරගුළු වැසී යනමුත් මහද කවුළු දොර නොම වැසෙයි  කිමද ඒ යැයි  නුඹ අසයි  නුඹට අම...