Wednesday, May 3, 2017
සීතාවියක නොවේ
රාම රාවනා කුමරුවන් මැද
සීතාවියක වී ඉපදෙන්න
නොපතමි කිසිම දින මා
පේ‍්‍රමයට සාපයක් වන්නට...
කල්ප ගණනක් පතා එන
බිම්බා දේවියක වන්න
සිදුහතුන් ගිය දාට
සේද සළු හැරලන්න...
එපා කිසිදාක නුඹනම්
සාජහන් රජු වන්න
මා මියැද ගිය පසුව
ටජ්මහල් තනවන්න...
නුඹට හැකිනම් දිනෙක
සාලිය කුමරු වී එන්න
කටු ඔටුනු හැරදමා
මා සොයා පැමිණෙන්න...
නැති නමුත් රන් රුවක්
නුඹ වශී කරගන්න
ආදරේ තියෙනවා හුඟක්
හැර පැමිණි රජකමත් පරදන්න...
Subscribe to:
Post Comments (Atom)
ඝන අඳුර රෑ ගලා එයි ලොවම පාළුවෙ ගිලී යයි ලොවේ දොරගුළු වැසී යනමුත් මහද කවුළු දොර නොම වැසෙයි කිමද ඒ යැයි නුඹ අසයි නුඹට අම...
-
ට ජ්මහල පිළිබද ලොව පුරා සිටින බහුතරයක් දන්නේ සාජහාන් රජතුමා විසින් සිය මිය ගිය ආදරණීය බිසවක වූ මුම්ටාස් වෙනුවෙන් සිය හැගීම ප...
-
සිංහලයන්ගේ සාම්ප්‍රදායික සටන් කලාවක් ලෙස සළකනු ලබන මෙය බෞද්ධ ආභාෂය ලද පුරාණ ශිල්පයක් සේ සැලකෙයි. මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණයන් අත...
Lassanai nirmanaya
ReplyDeleteCreative
ReplyDeleteකටු ඔටුනු හැරදමා
ReplyDeleteමා සොයා පැමිණෙන්න...
නැති නමුත් රන් රුවක්
නුඹ වශී කරගන්න-thats the words
niyamai
ReplyDelete