Friday, May 12, 2017
මනුසත් නැති මිනිසත් ගති
පන්සලේ ඔබ ඔවා සෙවණේ
නැණ ගුණැති බුදු පුතුන් වැඩුනේ
නැතත් ඔබගේ රුවක් මැවුනේ
දුන් දහම් ඇත සුසිත් මුදුනේ...
බුදුරදුන් සඟ සභාවන් මැද
දෙසූ මනහර චතුර ඒ හඬ
මුහුවෙලා උඩු සුළඟ හා වැද
සවන් සනහා නැගේ සිත් තුළ...
මලානික හිරු ලොව වෙලා ගති
සුවඳ කුසුමන් පරවෙලා ඇති
බුදුන් වැඩි ලක් බිමට අද සකි
නරුම සිත්පිත් පහල වී ඇති...
මවුන් දරුවන් නොහඳුනන ගති
මිනිස් වෙස්ගත් තිරිසනුන් වැනි
දනන් බිහිවී මෙලක සමිඳුනි
වඩිනු නැවතත් බුදුපියාණෙනි...
*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*
Subscribe to:
Post Comments (Atom)
ඝන අඳුර රෑ ගලා එයි ලොවම පාළුවෙ ගිලී යයි ලොවේ දොරගුළු වැසී යනමුත් මහද කවුළු දොර නොම වැසෙයි කිමද ඒ යැයි නුඹ අසයි නුඹට අම...
-
ට ජ්මහල පිළිබද ලොව පුරා සිටින බහුතරයක් දන්නේ සාජහාන් රජතුමා විසින් සිය මිය ගිය ආදරණීය බිසවක වූ මුම්ටාස් වෙනුවෙන් සිය හැගීම ප...
-
සිංහලයන්ගේ සාම්ප්‍රදායික සටන් කලාවක් ලෙස සළකනු ලබන මෙය බෞද්ධ ආභාෂය ලද පුරාණ ශිල්පයක් සේ සැලකෙයි. මෙහි සැලකිය යුතු විශේෂිත ලක්ෂණයන් අත...

No comments:
Post a Comment