පිණි විසිරි මල් දෙපෙති - හමාගෙන සුළං විත්
අප විසිර සැම තැනම - මතකයන් රජ කරයි...
සිනාකැන් දුරු වෙලා - සැඳෑ හිරු අවර යයි
අප නැතත් විදුබිමට - අදත් හිරු නැගී එයි...
මතකයක නිවන ලය - දුක අඳුර පොදි බඳියි
දුක කියන්නට බැරිව - අපේ සිත් ගොළුව යයි..
කෙලි බිමේ මතකයන් - ශේෂ වී යනු දැනෙයි
මතකයේ සුවඳ මත - යළිත් සිත රිදුම් දෙයි...
කෙලි සිනා කවට බස් - අදත් මතකෙට නැගෙයි
සොඳුරු සිතුවම් මතක - සෙමෙන් සිත පාරවයි...
මිලිනවූ ඒ මතක - සිත කොනක ගුලි කරන්
කෙදිනකදි හෝ යලිත් - සුවඳ ගෙන මතකයේ
සෙනෙහසින් හමුවෙයන් - එකම පැතුමද එයයි...
*මනුෂ්කා නදුෂානි ප්‍රේමරත්න*
Aththatamaa.. senehasin hamuweyann... sinaha ken podi bendann..
ReplyDelete