සුවඳ මල් ගොමුවේ
පරව යන මල් අතරේ
විකසිතව පුබුදු වන
අන්සතු මලයි මම නුඹේ..
මලින් මල උරා බොන
දඟකාර බඹරෙකු ලෙසේ
මල්ගොමු පුරා ගොස්
නැවත පියඹලා එනු මැනේ ..
නුඹ එලෙස එන තුරා
හිඳිමි මම නෙතු අයා
තව එකම වතාවක්
නුඹෙ සෙනෙහෙ විඳින්නට..
සිදුවේවි දිනක මටත්
ලොව නියතියට නතුවී
අනෙක් මල් මෙන්ම
පරව නටුවෙන් ගිලිහෙන්න
මොහොතකට පෙර හෝ
එකම එක වතාවක්
අනේ ඇවිදින් යන්න
සුපුරුදු සිනාවත් රැගෙන..
//මලින් මල උරා බොන
ReplyDeleteදඟකාර බඹරෙකු ලෙසේ
මල්ගොමු පුරා ගොස්
නැවත පියඹලා එනු මැනේ ..//
ඒකනම්..